කිව්වට ඉතිං අපිත් රත්නපුරේ...
රත්නපුරේ කිව්වොත් ඉතිං මුලින් ම මතක් වෙන්නේ මැණික් වෙන්න ඕනි... දැන් ඉතිං පොඩ්ඩක් වෙනස් විදියකටත් කට්ටියකට මතක් වෙන්න පුළුවන් (පහුගිය කාලේ එකදිගට ගෑණු මැරුවේ... කහවත්ත.. අන්න ඒ රත්නපුරේ ගැන තමයි මම මේ කියන්නේ)
කිව්වට මොකද රත්නපුරේ ගැන හැමෝ ම කතා කළාට මැණික් ගැන ඕනි තරම් පින්තූර දැක්කට එව්ව ගරාගන්න මේ පොළෝ අස්සෙ කිමිදෙද්දි අපේ අයට සිද්ද වෙන ගැහැට ගැන කොහේවත් ලියලා තියෙනවා නම් දැක්කෙ නෑ...
ඉතිං කිව්වට... මමත් පටන්ගත්ත බ්ලොගක් කොටන්න... අඩුපාඩු එමට ඇති... කිව්වට මේ බාසාවත් හරි අමාරුවෙන් ගොතාගෙන යන්නේ... ඒකත් උඹලට අපිට දිරවගන්න පුළුවන් වෙන්ට ඕනිනේ...
කොහොම උණත් අරමුණ පැහැදිලි නම් ගමනක් තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ... මම දන්න ටික ඔන්න ඔහොම පටන් ගන්නො... දන්න ටික කිව්වට ඉතිං තාත්තලගෙන් අයියලගෙන් අහගන්න එව්ව තමයි....
කිව්වට මේකෙන් උඹලට අපිට කොහොම උණත් පතල් කර්මාන්තෙටවත් යහපතක් වෙයි කියලා හිතනවා... මොකද මට මේ වෙනකල් ඕක ගැන ලියැවෙච්චි පොතක් පත්තරයක් හම්බ වෙලා ම නෑ... (තියෙනව නම් ඔන්න ඒක ගැන කියන්නත් මෙතන ඕනි එකෙකුට ඕපන් ඕං...)...
කිව්වට... මට ටක්කෙට ම ෂුවර් ආයෙ අවුරුදු ගාණක් යනකල් ඒකෙ තියෙන තාක්ෂණේට ගහන්න තාක්ෂණයක් නම් මතුවෙන්නේ නෑ... බලපල්ලකො...
niyamai wikz..subapethum aluth wedeta..
ReplyDeleteAneesha
තැන්කියු තැන්කියු අනීෂො... බලමුකො...
ReplyDeleteපුළුවන් කල් ඇදගෙන යනවා...
අපි අද මේ තැන්ඔල ඉන්නේ අපේ අයියල තාත්තල මෙව්ව එක්ක හැප්පිච්ච හින්දා.. ඒ හින්දා අමතක කරන්න ම බෑ නෙ... ඉතිං කොටන්න හිතුවා...
තැන්කියු කොමෙන්ටුවට...
නියමයි ලීලේ අයියේ...මුලින්ම අලුත් සිංහල බ්ලොග්කරුවට සුභ පැතුම්..ගොඩ දෙනෙක් කතා කරලා නැති මාතෘකාවක් කතා කරන එක හොඳයි..සිංහල අන්තර්ගතය හැමවෙලේම තියාගන්න..ඔයා ලියලා තියන විදියට කියවන්නා ආස හිතෙනවා..එහෙනම් අයියේ ජය!!!
ReplyDeleteඅත්දැකීමැති මලයණ්ඩිට ආධුනික අයියගෙන් ඔන්න දැම්ම තැන්කියු එකක්... පාර කිව්වට පිං උඹට...
Deletedigatama liyannooo(dilan thivanka)
ReplyDelete