පතල් කවි

පතල් කවි කියපු ගමන් අපේ තියෙනවා දෙජාතියක්...

මිනිරන් පතල් කවි
මැණික් පතල් කවි

කිව්වට කොයිකටත් පතල් කවි කියලා තමයි කියන්නෙ...

ඉතිං මගේ වැඩේ හැටියට පුළුවන් තරමට මැණික් පතල් කවි ටිකක් මේකේ කොටන්නයි කල්පනා කළේ...

මේව තව දන්න උදවියට ඉන්නවනම් ඕනැ විදියට කොටලා පල්ලෙහායින් දාන්ඩලා... කිසි අමනාපයක් නෑ...

7 comments:

  1. තමන්ගෙ පවුල දරුවන් නඩත්තු කරන්න ඔනෙ නිසා ම තමන්ගෙ ජීව්තෙ වගෙ ඉන්න මෙ හැම දෙ කින්ම අෑත් වෙලා අෑත දුරක පතලකට වෙලා ඉන්න මෙ දයාබර සැමියට මෙහෙම හිතෙනවා:::::

    කලුවන් කලු රුවයි මංෙගා් දිලිසෙනවා
    මිනිරන් ෙතා්රන්න දින ගණනක් යනවා
    ම්නිරන් තේරුෙවාත් ළදෙ නුබ කලු වෙනවා
    ළග නම් ගෙදර වැඩ අැරුනම මං ඒනවා

    ReplyDelete
  2. තැන්කියු කියන්න ඕනි නෙ මුලින් ම මේකෙ කවියක් දැම්මට...
    ඔන්න ඒකත් කිව්වා...

    කිව්වට මේක නඟේ ඇවිල්ලා මිනිරන් පතල් කයියක් නෙ...
    අනික මේක මම අහල තියෙන්න මීට වඩා බරසාරෙට..

    කළුවන් කළු රුවයි මංගෝ දිලිහෙනවා
    මිනිරන් හෝදන්න දින ගණනේ යනවා
    මිනිරන් හේදුවොත් ළඳෙ නුඹ කළු වෙනවා
    ළඟ නං ගෙදර මුර ඇරුණම මං එනවා.....

    නඟා කියලා තිබ්බ විදියට මහන්සිය කාන්සිය එක්ක තමන්ගෙ ගෙදර ඉදෙන බතේ සුවඳ දැනෙන්නෙ නැත්තේ කාට ද?? නේ??? අපිටත් එහෙමම තමයි ඔන්න කිව්වට..

    මේකෙ හැම වචනයක් ගානෙ ම තියෙන ගැඹුර මැණික් පතල් කවිඔලත් එමට...
    මිනිරන් හේදුවොත් ළඳෙ නුඹ කළු වෙනවා කියද්දි ඒකෙන් කියවෙන ගැඹුරු අර්තෙ හරි පුදුමයි... මිනිහ කැමති නෑ තමන්ගෙ ගෑණි එහෙම කළුපාට වෙනවට.. මේ කළු පාට කියන්නේත් ආයි ඇහැට පේන කළුපාට වෙන්ට බෑනෙ.. ඒ කිව්වේ තමන් විඳින දුකේ තියෙන බොරපාට වෙන්න ඕනි...

    කිව්වට ඉතිං අපි මැණික් පතල් ගැන කවි ම දාමුකො... පොඩි එකෙක් පැවරුමකට හරි ලියා ගන්නේ නැතෑ නේද???

    ReplyDelete
  3. දයාබර සැමියා මෙහෙම හිතලා ඒක අාදර පතකින් තමන්ගෙ බිරිදට යවනවා. බිරිදට දෙලොව සිහි වෙන්නෙ ඒ වෙලාවෙ.මොකද ඒ වන විටත් බ්රිද සැමියගෙ සහොදරයට බහ දීලයි තිබුනෙ.

    රත්තරං පනෙ නුබ ඒවු පත දුටුවා
    තිබුනට වැඩිය සොහොයුරු අාලය පැතුවා
    ඒතකොට මගෙ දෙනෙතින් කදුලැලි ඉනුවා
    දවසම පුරා ඉදගෙන කදුලින් හැඩුවා

    ReplyDelete
    Replies
    1. නඟත් හොඳ හොඳ කවි දන්නො වගේ.... ලියමු ලියමු... අපෙන් නෑ ආරෝවක් ඕං....

      Delete
  4. අපිටත් රත්නපුරෙ සුවද දැනෙන නිසා මෙ වගෙ දෙයක් දැක්කම වැඩ්පුර ට්කක් දැනෙනවා.
    හොද වැඩක්....

    ReplyDelete
    Replies
    1. එළ එළ.... පහුගිය ටිකේ කට්ටියට ම මතක හිට්ටෙ මිනී පිච්චෙන පුළුටු ගඳ විතරයිනෙ.. ඒත් රත්නපුරේ තව ම එදා වගේ ම සුවඳයි තමයි කිව්වට...

      Delete
  5. ඒ සුවද නොදැනුන අයට දැනෙන්න මෙ පතලෙ කව්යත් ලියලම යන්නං නෙ.

    සබරගමුව ඒළියයි පෙරහැර දාට
    කබර ගොයින් ඒන්නෙ වැහි පොද දාට
    දබර මඩුව පාලුයි අපි නැති දාට
    දබරේ ගල් වෙයං හෙට ඒන පෝලිමට

    මෙ වයෙ රසය තියෙන්නෙ කෑගහල කියන කොට.ඒක ඉතින් මෙහෙම type කරල පෙන්නන්න බෑනෙ.
    ඔන්න අපි ගියෙ

    ReplyDelete

මොකෝ කල්පනාව???
ඔයි හිතන ටික කොටාලා ගියොත් නාකද???