පතලෙ තාක්ෂණේ

පතලෙ තාක්ෂණේ ගැන ඉතිං ආයෙ දෙකක් නෑ මෙතුවක් හොඳ පර්යේෂණයක් නම් වෙලා නෑ වෙන්ට ඕනි...

කිව්වට අපිට පුළුවන් විදියට ඔන්න ඒ වැඩෙත් මේ පිටුවෙන් පටන් ගන්නො...
දන්නැති දේවල් කියල දෙන්න දන්න දේ නිවැරදි කරන්න මේ පැත්තේ ගොඩවෙන හැමෝගෙම උදව් මට ඕනා...

වැඩේ කියන්නේ අන්තිමට මේක උඹල අපි හැමෝගෙ ම දායකත්වෙන් හරි රැකගන්න ඕන කරන තාක්ෂණයක් ඕං...

නත්තිරම් බැලිල්ල

පතලයක් කපන්න කළින් තැන කොහොමද කියලා චෙක් කරන එකට තමයි නත්තිරම් බලනවැයි කියන්නේ... කොහොම උණත් පාඩු වෙන්න නෙමෙයි නෙ පතලයක් කපන්නේ...

මුදලාලිට වැඩේ තනියම කරන්න බෑ... මේකට ඒ පැත්ත ගැන ලොකු දැනුමක් තියෙන පොරක් ඕනි වෙනවා..
කිව්වට අපේ අයියත් එහෙම පොරක්...

පොර එක්ක කතා කරගෙන වැඩේට දවසක් දාගෙන ඉතිං යනවා... පොර දන්නවා කළින් වලවල් බැහැපු තැන් මොනාද ඒවායේ දෝනා ගමන් කළේ කොහේට ද අනං මනං ඔක්කොම... ඉතිං එහෙම බලල කියනවා මෙන්න මේ හරියෙ නම් ඉල්ලම තව ම ගොඩ දාලා නෑ.. කපනව නම් ඔන්න තැන කියලා....

 එහෙම බලල කියන්න ඉතිං හැමෝට ම බෑ...

කිව්වට දෝනාවක් යද්දි කළුගලක් මතු උණා ද පුස්සක් මතු උණා ද තියෙන්නේ මොනපාට මාලාවක් ද ඉල්ලං කැට මොනවගේ ද වාසි වෙලා තියෙන්නේ කොහොමද ඔව්ව මෙව්ව ඔක්කොම ගැන පට්ට ම දැනුමක් නැතුවක් මේක කරන්න බෑ.. ඉතිං නත්තිරම් බලනව කියන එකට නම තියාපු කෙනෙක් හොයාගන්නවා කියන එකත් එක්තරා විදියක නත්තිරම් බැලිල්ලක් ම තමයි...

නත්තිරම් බලනවා කියන එක ඇතුළේ තියෙන තාක්ෂණික දැනුම ගැන කවුරු හරි අවධානයක් යොමු කරනවනං ඉතිං අගෙයි... මොකද අද තියෙන තාක්ෂණික මෙවලම් මොකුත් නැතුව මේ වැඩේ කරන එක තනිකර ම සාම්ප්‍රදායික දැනුම මත පදනං වෙලා තියෙන්නෙ... මං කළිනුත් කිව්ව වගේ මේ තාක්ෂණේට ගහන්න පුළුවන් දෙයක් තව ම මේ මිහිපිට බිහිවෙලා නෑ ඔන්න...

කිව්වට ඉතිං මේකෙ මං නොදන්න දේ තව පුරාම ඇති... දන්න දෙයක් නොදන්න අය එක්ක බෙදාගන්න එක නෙ වටින්නේ... දිගින් දිගට ම වැරදි දේ ලියවිලා නම් ඒකත් දන්න කෙනෙක් කියාලා දෙන්න හොඳයි...


No comments:

Post a Comment

මොකෝ කල්පනාව???
ඔයි හිතන ටික කොටාලා ගියොත් නාකද???